undefined

අපගේ මෙහෙවර

වසර 2020 වන විට ප්‍රජා පාලිත ග්‍රාම සේවා වසම් පන්දහසක් ඇති කිරීම සහ එම ප්‍රජාවට තොරතුරු, තීරණ ගැනීමේ බලය සහ සම්පත් ලබා දීමෙන් එම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ද, වර්ධනය වන අවශ්‍යතාවයන් ද, පුද්ගලයන් ලෙස ද, සාමූහිකව ද අත්පත් කර ගැනීමට පහසුකරණය සැපයීම.

දිළිඳුකම පිටුදැකීමේ අරමුණ සාක්ෂාත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී බහුවිධ අංශයන්ගේ සමායෝජනය අවශ්‍යය. ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ජනාධිපති කාර්යාලය යටතේ දිළිඳුකම පිටුදැකීමේ ලේකම් කාර්යාලයක් දැනටමත් පිහිටුවා තිබේ. මෙම කාර්යාලය පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන මෙහෙයුම් කමිටු හා එක්ව ක්‍රියා කරනු ඇත. ග්‍රාම නිලධාරි වසම් මට්ටමේ සැලසුම්කරණය හා ක්‍රියාත්මක වීමේ මෙහෙයුම ගමෙහි නීත්‍යානුකූලව පිහිටවූ සංවිධානය මගින් ක්‍රියාත්මක වේ.

දිළිඳුකමේ ස්වභාවය, ප්‍රමාණය හා පිටුදැකීමේ ඉලක්ක ප්‍රදේශ :

මෙම ප්‍රවිෂ්ටය යටතේ රටේ පවතින දිළිඳුකම නිශ්චිතව හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක පදනමින් යුත් විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමේ සැලසුම් මේ වන විටත් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා ඇති දිළිඳුකම පිටුදැකීමේ ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන පර්යේෂණ ආයතනයන්හි සහභාගීත්වයෙන් ආරම්භ කොට තිබේ.

මෙකී ක්‍රියාවලිය යටතේ දැනටමත් දිළිඳුකම පිටුදැකීමේ වැඩපිළිවෙළෙහි මූලික ඉලක්කයන් ලෙස රට තුළ පවතින, නිරපේක%