Loading Events

ජනපති තලවිල ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක

June 13, 2018 - June 13, 2019

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ පුත්තලම තලවිල ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වූයේය. තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත විය. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තලවිල ප්‍රදේශයේ ග්‍රාමශක්ති ජනතා සමිති සදහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම සංකේවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද තලවිල සූර්ය බල ව්‍යාපෘතිය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.